Search This Blog

Wednesday, August 29, 2012

කැරම් නීති

 අද කැරම් නීති වලින් පටන් ගමු අපි ගොඩක් කට්ටිය කැරම් ගහන්නේ නීතියට නෙවෙයිනේ නීති ගැන දැනගෙන හිටියොත් අපිට කැරම් සෙල්ලම් කරන්ඩ ලේසි. ඕන තැනක ගිහින් කැරම් බය නැතුව නෝන්ඩි වෙන්නේ නැතුව සෙල්ලම් කරන්ඩ පුළුවන්.මුලින්ම බලමු disc එක කැරම් බෝර්ඩ් එකේ තියන හරි තැන කොතනද කියල පල්ලෙහා තියන ෆොටෝ එකෙන් පෙන්නේ හරියට disc තියන්නේ කොහොමද කියල




මෙහෙම සෙල්ලම් කරොත් disc තියන තැන හරියටම හරි එල කිරි වගේ අපි දැන් බලමු කැරම් සෙල්ලම් කරනකොට අත තියන්ඩ පුළුවන් විදිහවල්.මම දන්න විදිහට ලංකාවෙනම් ගොඩක් අය සෙල්ලම් කරන්නේ scissors ක්‍රමයට තව සෙල්ලම් කරන්ඩ පුළුවන් විදිහවල් දෙකයි තියෙන්නේ අනිත් ක්‍රම දෙක තමා මැද ඇගිල්ලෙන්(Middle finger ) සෙල්ලම් කරන එකයි දබර ඇගිල්ලෙන් (index finger )සෙල්ලම් කරන එකයි පල්ලෙහා ෆොටෝ එකේ තියන විදිහ තමා සෙල්ලම් කරන්ඩ ඕනේ ඔය විදිහට සෙල්ලම් කරනවනන් වැඩේ හරි.


ඊළගට බලමු අපි වැඩිය සෙල්ලම් කරන්නේ නැති ක්‍රමයක් ගැන එකටත් නීති තියනවා ඒ තමා තමින්,තමින් කැරම් ගහන අය අහල ඇති ඒ වුනාට දන්නේ නැති කට්ටිය කියන්නන් තමින් කියන්නේ මහපටගිල්ලෙන් (thumb finger )සෙල්ලම් කරන එකට හැබැයි මම කලින් කියපු scissors ක්‍රමයටත් පුළුවන් තමින් ගහන්නේ සෙල්ලම් කරද්දී අපිට බෝර්ඩ් වුන ඉත්තන්ට ගහන්ඩ.ලේසි ක්‍රමයක් එකත් පල්ලෙහා ෆොටෝ එක තියන විදිහට තමා.


 අපි බලමු කැරම් ඉත්තෝ කොහොමද හදන්නේ කියල ඉස්සෙල්ලම බෝර්ඩ් ඒකේ මැද තියන රව්මේ තමා ඉත්තෝ ටික හරියට හදන්ඩ ඕනේ ඒ රව්මේ හරි මැද red එක තියන්ඩ ඕනේ. ඊට පස්සේ සුදු ඉත්තෝ Y අකුරේ හැඩේට හදන්ඩ ඕනේ Y අකුරේ පැති දෙකක් කැරම් බෝර්ඩ් ඒකේ වලවල් දෙක දිහාට හැරිලා තියෙන්ඩ ඕනේ.කළු ඉත්තෝ Y අකුරේ හැඩේට හදපු සුදු ඉත්තෝ මැදට දාන්ඩ ඕනේ ඊට පස්සේ ඉතුරු හිස්තැන් වලට අයෙත් සුදු ඉත්තෝ දානවා පොඩි වැඩක්.පල්ලෙහා ෆොටෝ එකෙන් බලා ගන්ඩ පුළුවන්.

කැරම් ගහන වෙලාවට අපේ ඇගේ කිසිම අවයවයක්,කැරම් බෝර්ඩ් එකේ අපේ පැත්තේ ඇදල තියන විකර්ණ ඉර හිතින් දික් කරලා මවා ගත්තොත් ඒ ඉර පනින්ඩ බෑ.කිව්ව එක තේරුනේ නැත්තන් පල්ලෙහා ෆොටෝ එක බලන්ඩ.ඒකේ පෙන්නලා තියෙන්නේ වැරදි විදිහට සෙල්ලම් කරන විදිහක්.
අදට ඔය නීති ටික කියල නවත්තන්නන් සෙල්ලම් කරද්දී තියන නීති ගැන පස්සේ පොස්ට් එකකින් කියන්නම් එතකන් bye .


Sunday, August 26, 2012

කැරම් ගැන



කැරම් ගැන අපේ රටේ කට්ටියනන් හැමොමෝ දන්නවා ඇති.ඒ
වුනාට මම කැරම් ගැන මුල ඉදලම කියන්ඩ පටන් ගන්නන් ඒ කිව්වේ බෝඩ් එකේ ඉදලම කියන්ඩ පටන් ගන්නම්.අපි කැරම් සෙල්ලම් කරන බෝඩ් එක අගල්(29 X 29 ) විතර වෙනවා කැරම් සෙල්ලම් කරද්දී  අපිට ඩිස්ක් එකක් ඕනේ වෙනවා තව ඉත්තෝ 19ක් ඕනේ වෙනවා සුදු ඉත්තෝ 9ක්,කළු ඉත්තෝ 9ක් හා red ඕනේ වෙනවා. කැරම් දිනන්ඩ ඕනේ නන්, සුදු ඉත්තෝ සෙල්ලම් කරනවනන් සුදු ඉත්තොත් එක්ක red දාන්ඩ වෙනවා.කළු ඉත්තෝත් ඒ විදිහට තමා.කිව්වාමනන් ලේසි වගේ පෙනුනට කැරම් සෙල්ලම් කරද්දී මොලෙත් ඕනේ වෙනවා ආය physics වලිනුත් පොඩ්ඩක් හිතුවොත් කැරම් සෙල්ලම් කරන්ඩ ලේසි ඒ ඔක්කොම එක්ක වාසනාවත් ඕනේ.අදට මේ ටික කියන්නන්. ඊලඟ දවසේ කැරම් නීති ගැන කියන්නන්. ටටා ...............................   

Thursday, August 23, 2012

කැරම් ඉතිහාසය

කැරම් ඉස්සෙල්ලම පටන් ගෙන තියෙන්නේ අපේ අසල් වැසි රට ඉන්දියාවේ ඔන්න ඉන්දියාවේ 
තවත් සුපිරි වැඩක්, කැරම් අපි මල ගෙදරක,යාලුවෙක්ගෙ ගෙදරක  ගිහිල්ල සෙල්ලම් කරාට 
කොහොමද කොහෙදිද පටන් ගෙන තියෙන්නේ කියල දන්නේ නැනේ මමනම් දැනගෙන හිට්යේ නෑ.එත් හොයල බලද්දී දැන ගත්තා එකත් ඉන්දියාවේ වැඩක් කියල, තව චෙස්,අපි පොඩි කලේ සෙල්ලම් කරපු snake and ladder එහෙමත් පටන් ගෙන තියෙන්නේ ඉන්දියාවේ.